Thursday, August 16, 2012

Dr. Harsha De Silva ??????

ශ්‍රී ලංකාවේ ලොකුම උගතා යැයි කියාගන්නා පුද්ගලයා අ.පො.ස ශ්‍රී ලංකාවේ උසස් පෙළ අසමත්..

ලංකාවේ සිටින උගතෙකු හා ආර්ථික විශාරදයෙකු ලෙස පිලිගැනෙන, එමෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන හර්ෂ ද සිල්වා මහතා පිලිබද තොරතුරු රැසක් රැගත් ලිපියක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වන අතර මෙය කාගේත් කතා බහට ලක්වී තිබෙනවා..  
එම ලිපිය පහතින්..


Monday, August 6, 2012

Usain Bolt is again the fastest man on the Planet

උසේන් බෝල්ට් නැවතත් ලොව වේගවත්ම මිනිසා ලෙස කිරුලු පලදයි..

ලොව වේඩවත්ම ධාවකයා ලෙස නම් දරා සිටින ජැමේකාව නියෝජනය කරන උසේන් බෝල්ට් තවමත් තමා ලෝකයේ වේගවත්ම මිනිසා ඇයි ලොවට සනාත් කරමින් 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේ  මීටර් 100 රන් පදක්කම දිනා ගත්තා.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.20 ට පැවති මීටර් 100 ධාවන තරගය තත්ත්පර 9.63 කින් නිම කරමින් නව ලෝක වාර්තාවක්ද සමගින් උසේන් නැවතත් ඔහු තවමත් ලොව වේගවත්ම මිනිසා බව  ලොවට පෙන්වූවා.

උසේන් රන් පදක්කම දිනූ එම ඉසව්වේ වීඩියෝව...




Sunday, August 5, 2012

The Train " Nayana Kumari"

ඇමති වෙල්ගමගෙන් 
"නයන කුමාරි"

කාර්යාල සේවකයන්ගේ පහසුව සදහා  පසුගියදා හික්කඩුවේ සිට කොලඹ දක්වා යෙදූ නව දුම්රියේ මංගල ගමනට ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතාද එක්වුනා..

මෙම අවස්ථාවට එක්වූ ඇමතිවරයා මෙමගින් කොලඹ රැකියා වල නියුතු දකුනේ ජනතාවට මහත් සෙතක් සැලසෙන බව ප්‍රකාශ කල අතර නමක් යොදා නොමැති එම දුම්රියට " නයන කුමාරි" ලෙස නමක් යෝජනා කිරීමට කැමති බව ප්‍රකාශ කල බව වාර්තා වුනා.

කෙසේ වෙතත් පසුව ඇමතිවරයා දන්වා තිබුනේ තමා එසේ යෝජනාවක් නොකල බවයි.

Monday, July 30, 2012

Horns Are Not Allowed !!!

ක්‍රිකට් ක්‍රීඩාංගනවල නලා තහනම්..

පසුගිය ලෝක කුසලානයට පසු ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රිය වූ අධික ශබ්දයෙන් යුත් නලා මින් ඉදිරියට ලාංකික ක්‍රීඩාංගන තුලට ගෙන ඒම තහනම් කරන්නට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා ලෝලීන්ට අපහසුතාවයෙන් තොරව තරග නැරඹීමට ඉඩ සලසා දීම සදහා මෙම තීරනය ගත් බව ඔවුන් පවසන අතර පපරේ සංගීතයට කිසිදු තහනමක් නොමැති බව තවදුරටත් දන්වා සිටියා.

මෙම නව නීතිය ඉන්දු ශ්‍රීලංකා  4 වන එක්දින තරගයේ සිට තදින් ක්‍රියාත්මක වේ.


Saturday, July 7, 2012

Eliyantha Treated Bipasha..

එලියන්ත වයිට් ගෙන් බිපාෂාට ප්‍රතිකාර..

පසුගියදා පැවැත්වුනු කාල්ටන් සුපර් සෙවන් රග්බි තරගාවලියට සමගාමීව පැවති නර්තන ප්‍රංගයට සහභාගී වීමට පැමිණි බොලිවුබ් හී සරාගී නිලි බිපාෂා බාසුට එලියන්ත වයිට් විසින් ප්‍රතිකාර කර තිබෙනවා.

ප්‍රසංගයට පෙර දින පුහුණුවීම් අතර තුර එකවරම අතෙහි ආබාධයකට ලක්වූ බිපාෂා හට ප්‍රතිකාර කිරීමට එලියන්ත වයිට්ව කැදවා ඇති අතර ඉහුගේ ප්‍රතිකාර වලින් පසුව ඇය සුවය ලබා තිබෙනවා. තවද මැවැනි නලු නිලියන්, ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයක් රැසකට ප්‍රතිකාර කල එලියන්ත වයිට් පසුගිය කාලයේ ඉතා කතාබහට ලක්වුන චරිතයක් වුනා.

Friday, July 6, 2012

Bolloywood Singer Hariharan's Show Cancled.

හරිහරන්ගේ ප්‍රසංගය අවලංගුයි..

ප්‍රසිද්ධ බොලිවුඩ් ගායක හරිහරන් විසින් ලංකාවේ පැවැත්වීමට තිබූ ප්‍රසංගය හදිසියේම අවලංගු කර තිබෙනවා. එම ප්‍රසංගය හෙට දින කොලඹදී පැවැත්වීමට නියමිතව තිබුණා.

මෙයට හේතුව වී ඇත්තේ තමිල්නාඩු එල්.ටී.ටී.රී හිතවාදීන්ගෙන් එල්ලවූ දැඩි බලපෑම යැයි වාර්තා වන අතර නුදුරු දිනක ප්‍රසංගය නැවත පවත්වාවිදැයි යන්න තවමත් ප්‍රකාශ කර නැත.



New Method for Teacher Recruitment

ගුරු පත්වීම් සියල්ල දුෂ්කර පලාත්වලට විදුහල්පතිවරු වෙත..

 

දුර පාලාත් වලට ගුරු පත්වීම් ලබන වැඩි දෙනෙක් එම පලාත් වල සේවය කිරීමය මැලි කමක් දක්වන අතර බොහෝ දෙනෙක්  කෙසේ හෝ ඉතා ඉක්මනින් නගර වල පාසල් කරා මාරුවීම් ලබාගන්නවා.
මේ හේතුවෙන් ගම්බද දරුවන්ට සිදුවන අසධාරණය ගැන සිතා ජනාධිපති තුමන් නව ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර ගුරු පත්වීම ගුරුවරුන්ට නොදී එම පත්වීම් දුෂ්කර පලාත්වල පාසල් වල විදුහල්පතිවරුන් හට ලබා දීමට කටයුතු කිරීම එම ක්‍රමවේදයයි. ඉන් පසු පත්වීම් වලට අදාල කැදවුම් ලිපි එම ගුරුවරුන්ට පාසල් මගින් නිකුත් කරනු ලබයි. 

එම පත්වීම් පැහැර හරින අය සේවය හැරගියා සේ සලකනු ලබයි. 

Thursday, July 5, 2012

Actress Udari Becomes a Mother

උදාරි මවක් වෙයි...

පසුගිය කාලයේ කාගේත් කතාබහට ලක්වුන නිලියක් වුනු උදාරි වර්ණකුලසූරිය තමාගේ කුලුදුල් දරු උපත සදහා සති කිහිපයකට පෙර සිංගප්පූරුව වෙත ගිය අතර ඇය සිගිති දියණියක් බිහි කර ඇතැයි වාර්තා වනවා.. පසුගිය 29 වන සිකුරාදා දරු උපත සිදුව ඇති අතර මවද දියණියද නිරෝගීව කල් ගෙවන බව තවදුරටත් වාර්තා වුනා.. මසකින් පමණ දරුවාද රැගෙන උදාරි නැවත ලංකාවට පැමිනීමට නියමිතය.
 

 
                                                                     

Wednesday, July 4, 2012

Malaka Silva's luxuary life...

   

 ඇමති පුතු මාලක සිල්වාගේ සුඛෝපභෝගී ජීවිතය..

සල්ලිකාර ඇමති පුතුන් අතරින් නිතරම කතාබහට ලක්වන ඇමති පුතෙකු වන මාලක සිල්වා පසුගිය දිනක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට සහාභාගීව තිබුනා... මාලක ඔහු ගැන පවසා තිබුනේ මෙසේයි..

 









Tuesday, July 3, 2012

HOT NEWS >>>>

 "Hot News"

රට වටා ලොව වටා උණුසුම් පුවත් ඔබවෙත ගෙන එන නවතම පුවත් අඩවිය.